• Recent Questions
  • Popular Questions

Private universities in Sri Lanka?

Why Sri Lankan university students do not like establishing private universities in Sri Lanka?

I heard that new higher education minister S.B.Disanayaka and the current government want to open private universities in the island while university students resist this act.

Go down to read the answers.Check out these related questions.

email

    Brenda_Maddumage_facebook
    Posted 1 year ago

    පෞද්ගලික විශ්ව විද්‍යාලවලින් අධ්‍යපන අයිතිය තහවරු වෙනවා යන්න, ලංකාව තුල ගැලපෙන්නක් නොවන බව මගේ හැන්ගීමයි. මේ සඳහා වන මගේ අදහස් විස්තරාත්මකව ලියන්න තරම් අවකාශයක් මෙහි ඇද්දැයි ගැටලුවකි. නමුත් මම මේ සඳහා මගේ අදහස් පදනම් වන කරුණු කිහිපයක් පල කරන්නම්. ඉතා දියුණු රටක අවුරුදු තුනක් ජීවත් වන කෙනෙක් විදියට ලබපු අත්දකෙම් මේ කරුණු කෙරෙහි උපයෝගී වුනා.
    1. පුද්ගලික විශ් විද්‍යාල ලංකාවේ ඇතිකරනවානම් සෑම ළමයෙක්ටම තම බුද්ධිමය දකෂතාවය මත තමන් කැමති, සහ තමන්ට සුදුසු අධ්‍යාපනයක් ලබා ගැනීමේ අයිතිය තහවරු වන්නේ කෙසේද ? ආණ්ඩුවෙන් යම් කිසි ශිෂ්‍යාධාර ක්‍රමයක් ලබා දෙනවද ? නැත්නම් ඉගෙන ගැනීමේ අයිතිය තහවරු කරන්නේ මුදල් ඇති නැති බවද ? මම ජීවත්වන්නේ කැනඩාවේ. මෙහෙ කෙනෙක් ඉගෙන ගන්නවානම් , ඒ කෙනා කිසියම් පාටමලවකට සුදුසුකම් ලබනවානම් , ආණ්ඩුවෙන් මුදල් නයට දෙනු ලැබේ. සිසුවා අධ්‍යාපනය හමාර කර එය නැවත ගෙවිය යුතුය. ඒ සඳහා රස්ස්සවක් කරද්දී වාරික වශයෙන් ගෙවීමට ලැබෙන අතර ඉතා අඩු පොලියක් අය කෙරේ. නමුත් ඉගෙනීම් කටයුතු සාර්ථකව කරන සිසුන්ට ගෙවීමට සිදුවන්නේ ලබා ගත්තාටත් අඩු මුදලකි. ඒ කියන්නේ හොඳට ඉගනගත්තොත් සමහරක් විට සම්පුර්ණ නය මුදලම කැප හරිනු ලැබේ. මේ නය මුදල් මාසිකව ලැබෙන අතර එය සිසුවාගේ සියලු අවශ්‍යතා (කෑම , බීම, යානා , වාහන , ඇඳුම් , ඇතුලත්ය ) සපුරා ගැනීමට ප්‍රමාණවත්ය.
    2. ලංකාවේ පුද්කාලික විශ්ව විද්‍යාලයකට තම දරුවා ඇතුල් කර ගැනීමට රජයේ රස්සාවක් කර සාධාරණව මුදල් හම්බ කරන දෙමාපියන්ට පුලුවන්ද ?
    3. ලංකාවේ සිටින කළු කඩ මුදලාලිලා, විශේෂයෙන් උදේ රුපියල් ලක්ෂේට ගත්ත මැණික් ගල හවස ලක්ෂ තුනට විකුණන මුස්ලිම් මුදලාලිලා හම්බ කරන මුල්ල කවුරු දනීද ? ඒවාට ආණ්ඩුවෙන් අදායම් බදු අය කරනවද ? කෙනෙක්ට මෙය මාතෘකාවට අදාල නැති යයි හිතෙන්න පුළුවන්. නමුත් ඇතිවන තරගකාරී තත්වය තුල ඔය ඇතිවන පුද්ගලික විශ්ව විද්‍යාලවල අය කිරීම් ඉහල යද්දී , අප දුප්පත් දරුවන්ට වඩා අසදරණයෙන් හම්බ කරන මිනිස්සුන්ගේ ළමයින් ඔය තැන්වල ඉදිවී. දැන් පුද්කාලික විශ්ව විද්‍යාල ඕන කියන යමක් තියෙන අපේ මද්යම පන්තියට මෙය වැටහෙන කොට ප්‍රමාද වෙලා තියේවි.
    3. රජයේ අරමුණ අධ්‍යාපනය තුලින් මුදල් හම්බ කිරීමයි. එය පැහැදිලි තර්කයක්. නමුත් ගමේ දුප්පත් සිරිපාලගේ විශ්විද්යාලයට ලකුණු දෙකෙන් යන්න බැරි වූ දරුවා ගැන ඔවුන්ගේ කැක්කුමක් නැත.
    4. පුද්ගලික විශ්ව විද්‍යාල මගින් අපේ උගත් මහාචාර්යවරුන් වැඩි පඩි සහ වැසි පෙන්න හා ගැනීම වළකන්නේ කෙසේද ? ලංකාවේ රජයේ විශ්ව විද්‍යාලයක ලබන සොච්චම් වැටුපට වඩා , වැඩි මුදලකට සේවය සැලසීම තම දහදිය මහන්සියෙන් ඉගෙනගෙන පසු තැවීමෙන් ඉන්න කවුරුත් කරන්න පුළුවන් දෙයක්. මේකට අර ලංකාවේ තියෙන අසාදාරන හම්බ කිරීමෙනුත් බලපානවා. හොඳින් ඉගෙන ගත්ත මිනිහා දුප්පතා වෙද්දී , දේශපාලකයනට පන්දන් අදින, නීති විරෝදී ව්‍යාපාර කරන හොරු සැපෙන් සිටිනවා.
    5. ලංකාවේ රජයේ විශ්ව විද්‍යාලවලට ආණ්ඩුව ප්‍රමාණවත් පරිදි සලකනවද ? ඉගෙන ගන්න දරුවන් දිරිමත් කරන්න මොන වගේ කියා මාර්ගද ඇත්තේ ?
    6. ලංකාවේ දුප්පත් දරුවන්ට ඉදිරියට ඒමට එකම මාර්ගය අධ්‍යාපනය නේද ? නිධහස් අද්‍යාපනය තුලින් ඉදිරයට ඇවිත් තම ද්ර්යිවය වෙනස් කරගත් මිනිසුන් කොතරම් සිටීද ? හෙට මුදල් නැතිකමින් ඒ දරුවන් කොහේ අතරමන් වෙයිද ?
    7. අද උනත් පෞද්ගලික ආයතනවල ඉහල තනතුරු ලබා දෙන්නේ නියම උගතුන්ටද ? නැත්නම් ඉංගිරිසි කතාකරන, ලොකු ඉස්කෝලේ ට ගිය නමුත් නියමාකාර අද්යාපනයක් ඇති අයද ?
    8. අවසාන වශයෙන් මගේ කතාවේ සාරාංශය , පුද්ගලික විශ්ව විද්‍යාල රටට අවශ්‍යයි. ඊට කලින් රටේ කරන්න ග්දාක් දේවල් තියෙනවා. මුලින්ම රටේ වෙන් ගනුදෙනු සියල්ල , බැංකු හරහා සිදුවෙන තත්වයකට පත්කලයුත්යි. මම කියන්නේ හොඳ අදායම් බදු ගෙවන යාන්ත්‍රණයක් ඇති කලයුත්යි, දේශපාලකයන්ගේ දුෂණ නැවතිය යුතයි. එදාට රටේ සියලු දරුවන්ට පුද්ගලික විශ් විද්‍යාල නැතුවම ඉගෙන ගන්න අවස්ථා වැඩි කරන්න පුළුවන්.
    9. අපේ රටේ අදායම් බදු ගැන චුට්ටක් මගේ අදහස කියන්නම්. ලංකාවේ බදු ඔක්කොම ගහන්නේ මිනිසුන් මිලට ගන්නා බදුවලටයි. පරිප්පු කිලෝ එකට, පෙට්‍රල් වලට බදු අහස උසට ගහනවා. පොල් කඩලා ජීවත් වෙන මනුස්සයත්, උදේට ලක්ෂේට ගත්ත මණික හවසට දෙලක්ෂයට විකුණන මොහොම්මෙඩ් ත් ගෙවන්නේ එකම බද්ද . ලංකාවේ බදු ප්‍රතිපත්තිය හදන එක මහා අමාරු දෙයක් නෙමෙයි. නමුත් දේශපාලකයෝ ඔක්කොමත් ව්‍යාපාරිකයෝ උනාම, කල්කරයොත් කලාවෙන් හම්බ කරගත ගාන දාල ව්‍යාපාරිකයෝ වෙන කොටත්, (ක්‍රීඩාවටත් පොදුයි ) මොවුන්ට මේ පිළිබද නව නීති ගෙන්න ඕනේ නැහැ

Answer this Question :

You must be logged in to post an answer. Signup Here, it takes 5 seconds :)

Other Questions